Showing posts with label භෞතික විද්‍යාවේ සිද්ධාන්ත සහ සංකල්ප. Show all posts
Showing posts with label භෞතික විද්‍යාවේ සිද්ධාන්ත සහ සංකල්ප. Show all posts
චලිතය පිළිබඳ නිව්ටන් නියම
චලිතය පිළිබඳ නිව්ටන් නියම සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාවෙහි මූලික සිද්ධාන්තයන් වේ. මෙම නියමයන්ගෙන් වස්තූන් මත ඇති වන බලය සහ එමඟින් ඇති වන චලිතය ගැන පැහැදිලි කෙරෙයි. නිවුටන් නියම ත්‍රිත්වය සැකෙවින් මෙසේ ය:
පළමු නියමය: බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන තාක් කල් එම වස්තුව නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතී.
දෙවැනි නියමය: යම් වස්තුවක ගම්‍යතාවය වෙනස් වීමේ සීග්‍රතාව ඒ මත යෙදෙන බලයට අනුලෝම ව සමානුපාතික වේ.
තෙවැනි නියමය: සෑම ක්‍රියාවකට විශාලත්වයෙන් සමාන එහෙත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් පවතී.
මෙම නියම ත්‍රිත්වය අයිසැක් නිව්ටන් විසින් ක්‍රි.ව. 1687 ජූලි 5 වැනි දින පළමු වරට පළකරන ලද Philosophiæ Naturalis Principia Mathematica නම් ග්‍රන්ථයෙහි ඇතුළත් කරන ලදී.[1] නිව්ටන් විසින් මෙම නියමයන් බොහෝ භෞතීය වස්තූන් හා පද්ධති වල චලිතය පැහැදිලි කිරීමට යොදා ගන්නා ලදී.[2] උදාහරණයක් ලෙස මෙම නියම සිය සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය සමඟ යෙදීමෙන් ග්‍රහවස්තූන්ගේ චලිතය පිළිබඳ කෙප්ලර් නියම පැහැදිලි කල හැකි බව එම ග්‍රන්ථයේ තෙවැනි වෙළුමෙහි නිවුටන් පෙන්වා දුන්නේය.
භෞතික විද්‍යාවේ සිද්ධාන්ත සහ සංකල්ප

පහත වගුවෙන් භෞතික විද්‍යාවේ ප්‍රධාන න්‍යායයන් හා ඒවායේ භාවිත සංකල්ප දක්වා ඇත.(විකිපිඩියා මගින් ලබදෙනු ලැබේ)











