රසායනික ප්‍රතික්‍රියා
රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවීමේ දී අනිවාර්යයෙන්ම ඊට සහභාගී වූ ප්‍රතික්‍රියකවල ශක්තියේ අඩු වීමක් හෝ වැඩිවීමක් සිදුවේ. තාපය හෝ ආලෝකය ලෙස ප්‍රතික්‍රියාවක දී ප්‍රතික්‍රියක හා පරිසරය අතර ශක්තිය යම් ප්‍රමාණයක් හුවමාරු වන බැවින් ප්‍රතික්‍රියාවේ ඵලවල ශක්තිය ප්‍රතික්‍රියකවල ශක්තිය වඩා අඩු හෝ වැඩි විය හැක. ප්‍රතික්‍රියාවක ඵල ශක්තියෙන් ප්‍රතික්‍රියකවලට වඩා අඩු වේ නම් එවන් ප්‍රතික්‍රියා තාපදායක ප්‍රතික්‍රියා ලෙසත් ආරම්භක ප්‍රතික්‍රියකවලට වඩා අවසාන ඵලවල ශක්තිය වැඩි ප්‍රතික්‍රියා තාපාවශෝෂක ලෙස ද හැඳින්වේ.
රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවීම සඳහා ප්‍රතික්‍රියක සක්‍රියන ශක්තිය ලෙස හැඳින්වෙන ශක්ති බාධකය බිඳ හෙලීමට ප්‍රමාණවත් ශක්තියක් ගොඩනඟා ගැනීම අත්‍යාවශ්‍ය වේ. දෙන ලද T උෂ්ණත්වයකදී ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාව බෝල්ට්ස්මාන් ඝනත්ව සාධකය e − E / kT (හෙවත් දෙන ලද T උෂ්ණත්වයේ දී ප්‍රතික්‍රියක අණුවක් සතු ශක්තිය ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය E ට සමාන හෝ වැඩි වීමේ සම්භාවිතාවය) මඟින් ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය වන E හා බැඳී තිබේ. මෙසේ ප්‍රතික්‍රියා සීඝ්‍රතාව ඝාතීය ලෙස උෂ්ණත්වය මත පරායත්ත වීම ආහීනියස් සමීකරණය මඟින් දෙනු ලැබේ. ප්‍රතික්‍රියාවකට අවශ්‍ය සක්‍රියන ශක්තිය තාපය, ආලෝකය, විද්‍යුතය, යාන්ත්‍රික ශක්තිය (අති ධ්වනි තරංග ආකාරයට) ආදී ඕනෑම එකකට මේ හැකියාව පවතී.
රසායනික තාපගති විද්‍යාවේ දී එන්ට්‍රොපිය ද අන්තර්ගත නිදහස ශක්තිය පිළිබඳ සංකල්පය රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවීමට ඇති හැකියාව ගැන අනාවැකි පල කිරීමට සහ රසායනික ප්‍රතික්‍රියාවක සමතුලිතතා තත්ව නිර්ණය කිරීමේ දී ඉතා වැදගත් වේ. කිසියම් ප්‍රතික්‍රියාවක් සිදුවීම සඳහා එම ප්‍රතික්‍රියාවට අදාලව ගිබ්ස් නිදහස් හක්ති වෙනස ඍණ අගයක් විය යුතු අතර එය ශුන්‍ය වේ නම් ප්‍රතික්‍රියාව සමතුලිතතාවයේ පවතී යැයි කියනු ලැබේ.
ඉලෙක්ට්‍රෝන , පරමාණු සහ අණු සඳහා තිබිය හැකි ශක්ති අගයන් නිශ්චිත සීමිත සංඛ්‍යාවක් පවතීත මෙම අගයයන් බැඳුණු පද්ධතියක ශක්තියක් ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව ඇසුරින් ක්වොන්ටමීකරණය මඟින් ලබා ගනු ලැබේ. උච්ච ශක්ති මට්ටම්වල පවතින පරමාණු සහ අණු උත්තේජිත තත්වයේ පවතී යැයි කියනු ලැබේ. උත්තේජිත තත්වයේ පවතින අණු / පරමාණු බොහෝ විට වඩාත් ප්‍රතික්‍රියාශීලී වේ. එනම් වඩාත් පහසුවෙන් ප්‍රතික්‍රියාවලට සහභාගී වේ.
කිසියම් ද්‍රව්‍යයක කලාපය හැමවිටම එය හා එය අවට පරිසරයේ ඇති ශක්තිය නිර්ණය වේ. කිසියම් ද්‍රව්‍යයක අන්තර් අණුක බල අවට පරිසරයේ ඇති ශක්තියෙන් බිඳ හෙලිය නොහැකි තරම් ප්‍රභල වූ විට එම ද්‍රව්‍ය ද්‍රව හෝ ඝන වැනි වඩාත් සංවිධානාත්මක කලාපයකට අයත් වේ. ජලය මේ සඳහා උදාහරණයක් සේ ගත හැක. ජල අණු එකිනෙක හයිඩ්‍රජන් බන්ධන මඟින් බැඳී ඇති හෙයින් කාමර උෂ්ණත්වයේ දී ජලය ද්‍රවයක් වේ. එහෙත් අන්තර් අණුක බල වඩාත් දුර්වල ද්වී ධ්‍රැව ද්විධ්‍රැව බන්ධන වන හයිඩ්‍රජන් සල්ෆයිඩ් සාමාන්‍ය පීඩනයේ දී කාමර උෂ්ණත්වයේ දී වායුවක් වේ.
එක් රසායනික ද්‍රව්‍යයක සිට තවෙකක් වෙත ශක්තිය සම්ප්‍රේෂණය වීම එක් ද්‍රව්‍යයක් මගින් නිකුත් කරන ශක්ති ක්වොන්ටමයේ ප්‍රමාණය මත රඳා පවතී. කෙසේ නමුත් තාප ශක්තිය බොහෝ දුරට ඕනෑම ද්‍රව්‍යයක සිට තවෙකකට ඉතා පහසුවෙන් ගලා යයි. මීට හේතුව ද්‍රව්‍යයක කම්පන හා භ්‍රමණ ශක්ති මට්ටම් එකිනෙකට ඉතා ළඟින් පිහිටීමයි. නමුත් ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් අතර පරතරයන් තාප ශක්ති මට්ටම් පරතරයන් තරම් කුඩා නොවන හෙයින් විද්‍යුත් ශක්තිය හෝ පාරජම්බුල විද්‍යුත් චුම්භක විකිරණ ශක්තීන් තාප ශක්තිය තරම් පහසුවෙන් හුවමාරු නොවේ.
විවිධ රසායනික ද්‍රව්‍යවලට විවිධ ලාක්ෂණික ශක්ති මට්ටම් පිහිටීම ඒවා විවිධ වර්ණාවලීන්හි වර්ණාවලි රේඛා අධ්‍යයනය මඟින් හඳුනාගැනීමේ දී යොදා ගැනේ. මෙම ක්‍රියාවලි වර්ණාවලීක්ෂණය නම් වේ. මේ සඳහා විවිධ විද්‍යුත් චුම්භක විකිරණ පරාස යොදා ගැනේ. IR (අධෝරක්ත කිරණ) , ක්ෂුද්‍ර තරංග , NMR හා ESR මේ සඳහා උදාහරණ වේ. වර්ණාවලීක්ෂය මගින් ළඟා විය නොහැකි වස්තූන් වන තාරකා සහ මන්දාකිණිවල සංයුතිය ඒවා මගින් නිකුත් වන විකිරණ ඇසුරින් නිර්ණය කිරීමට භාවිතා කෙරේ.











.jpg)

.jpg)

.jpg)
.jpg)
.jpg)
