තෙවැනි නියමය: සෑම ක්‍රියාවකට සමාන එහෙත් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් පවතී.
තෙවැනි නියමයෙන් කියැවෙන්නේ සියලු බලයන් වස්තූන් අතර අන්තර්ක්‍රියා වන බවයි.එබැවින් එක් වස්තුවක් මත පමණක් ක්‍රියා කරන බලයක් පැවැතිය නොහැක. A නම් වස්තුවක් B නම් වස්තුව වෙත බලයක් යොදයි නම් B වස්තුව ද A වෙත සමාන විශාලත්වයෙන් යුතු බලයක් යොදයි. බල ද්විත්වය ම එකම සරල රේඛාවක ප්‍රකිවිරුද්ධ දිශාවන්ට යොමු ව පිහිටයි.
දකුණු පස රූපයෙහි රෝද සපත්තු පැළැඳි

යොදති. බලයන් සමාන වුව ද දෙදෙනාගේ ත්වරණයන් අසමාන විය හැකි ය. ස්කන්ධයෙන් අඩු ක්‍රීඩකයා නිව්ටන්ගේ දෙවැනි නියමයට එකඟ ව වැඩි ත්වරණයක් ලබා ගනු ඇත. තව දුරටත් බල දෙක ම එකම වර්ගයෙක වෙයි. (දී ඇති උදාහරණයේ බල දෙක ම ප්‍රතික්‍රියා බල වෙයි. වෙනත් උදාහරණයක්: කාරයක රෝද මාර්ගය මත ඝර්ෂණ බලයක් යොදන අතර මාර්ගය ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට රෝදය මත ඝර්ෂණ බලයක් යොදයි).
.jpg)
Fa,b යනු A මත B යොදන බලයත්,
Fb,a යනු B මත A යොදන බලයත් වේ.
නිව්ටන්, ගම්‍යතා සංස්ථිති නියමය ව්‍යුත්පන්න කර ගැනීම පිණිස සිය තෙවැනි නියමය භාවිතා කළේය.කෙසේ වුවද ගැඹුරින් බලන කල ගම්‍යතා සංස්ථිතිය නිව්ටන්ගේ තෙවැනි නියමයට වඩා මූලික සංකල්පයකි. ගම්‍යතා සංස්ථිති නියමය, නිව්ටන්ගේ තෙවැනි නියමය බිඳ වැටෙන බල ක්ෂේත්‍ර සහ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව යන සංකල්පයන් තුල බිඳ නොවැටෙයි.
0 comments:
Post a Comment