About

නිව්ටන්ගේ දෙවැනි නියමය

දෙවැනි නියමය: යම් වස්තුවක ගම්‍යතාවය වෙනස් වීමේ සීග්‍රතාව ඒ මත යෙදෙන බලයට අනුලෝම ව සමානුපාතික වේ.


අවස්ථිතික රාමුවක පවතින අංශුවක් මත යෙදෙන සම්ප්‍රයුක්ත බලය සාපේක්ෂව එම අංශුවේ ගම්‍යතාවය p වෙනස් වීමේ සීග්‍රතාවයට අනුලෝම ව සමානුපාතික වන බව මෙම නීතියෙන් කියැවෙයි. එනම්:

නියමය වලංගු වන්නේ ස්කන්ධය නියත වන පද්ධති වලට පමණක් බැවින් ස්කන්ධය m අවකලන ලකුණින් පිටතට ගත හැකි ය.

මෙහි F යනු සම්ප්‍රයුක්ත බලය ද a යනු ත්වරණය ද වෙයි.
ස්කන්ධය විනාශ වීමක් හෝ ජනනය වීමක් සිදු වුව හොත් බාහිර සම්ප්‍රයුක්ත බලයක් මඟින් ඇති නොකැරුණු ගම්‍යතා වෙනසක් ඇති වෙයි. මෙය නිව්ටන්ගේ දෙවැනි නියමයෙන් පැහැදිලි නොකැරෙයි.
ගම්‍යතාවයෙහි විශාලත්වය නොවෙනස් වුව ද, එහි දිශාව වෙනස් වන්නේ (උදා: ඒකාකාර වෘත්ත චලිතය) නම් කාලය විෂයයෙන් එහි ව්‍යුත්පන්නය ශූන්‍ය නොවෙයි. එබැවින් මෙම නියමය පළමු නියමය හා එගඟ වෙයි.
චලනය වන වස්තූන්ගේ ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයට වඩා ඉතා කුඩා නම් පමණක් නිව්ටන්ගේ දෙවැනි නියමය සත්‍ය වෙයි. නැත හොත් එම චලනය විස්තර කිරීමට විශේෂ සාපේක්ෂතාවාදය අවශ්‍ය වේ.


ආවේගය

Δt කාලයක් තුළ F බලයක් යම් වස්තුවක් මත ඇති වූ විට ඇති වන ආවේගය J

මඟින් දෙනු ලැබේ. බලය යනු ගම්‍යතාවයේ කාලය විෂයයෙන් ව්‍යුත්පන්නය වන බැවින්,

0 comments:

Post a Comment