විවිධ රසායනික වර්ගීකරණයන්වලදී භාවිතා වන රසායනික ලක්ෂණ හැරුණු විට රසායන ද්‍රව්‍ය විවිධ කලාපවල පවතී. බොහෝ විට රසායනික වර්ගීකරණය මෙම කලාප වර්ගීකරණයන්ගෙන් ස්වායත්ත වේ. එහෙත් සමහර අසාමාන්‍ය කලාපයන් නොයෙක් රසායනික ලක්ෂණ හා නොගැලපෙන හැසිරීම් පෙන්විය හැක. කලාපයක් යනු කිසියම් රසායනික පද්ධතියක උෂ්ණත්වය හෝ පීඩනය වැනි තත්ව පරාසයක් යටතේ සමාන ව්‍යුහාත්මක ලක්ෂණ පෙන්වන තත්වයන් සමූහයක් වේ. කිසියම් කලාපයක් තුළ දී ද්‍රව්‍යයක් එම කලාපයට නියමිත භෞතික ලක්ෂණ සමූහයක් පෙන්වනු ලබයි. මෙවැනි ලක්ෂණ සඳහා ඝනත්වය, වර්තනාංකය උදාහරණ වේ. ද්‍රව්‍යයක කලාපය එහි කලාප සංක්‍රමණය මත නිර්ණය කෙරේ. කලාප සංක්‍රමණ යනුවෙන් හැඳින්වෙන්නේ පද්ධතියකට සපයන හෝ ඉන් ඉවත් වන ශක්තිය නිසා පද්ධතියේ නිතර තත්වයන් වෙනස් වීම වෙනුවට පද්ධතියේ ව්‍යුහයේ නැවත සකස් වීම් ඇති වන අවස්ථාවන්ය.
සමහර අවස්ථාවලදී ද්‍රව්‍යයක කලාප දෙකක් අතර පැහැදිලි සීමාවක් පැවතිම වෙනුවට කලාප දෙක අතර ක්‍රමයෙන් සන්තතිකව සිදුවන වෙනස්වීමක් දැකිය හැක. මෙවන් අවස්ථා අත්‍යවධි තත්ව වේ. මෙම තත්වයන් මත පදනම්ව අවස්ථා තුනක් හමුවන අචල ලක්ෂ්‍යය ත්‍රික ලක්ෂය නම් වන අතර මෙය යොදා ගෙන තත්වයන් සමූහයක් අර්ථ දැක්වීම පහසුවෙන් කළ හැක.
කලාප සඳහා සුලභම උදාහරණ ඝන ද්‍රව සහ වායු කලාප වේ. බොහෝ ද්‍රව්‍යයයන්ට ඝන කලාප කිහිපයක් ඇත. උදාහරණයක් ලෙස පීඩනය හා උෂ්ණත්වය මත පදනම්ව විචලනය වන ඇල්ෆා, ගැමා හා ඩෙල්ටා යනුවෙන් කලාප 3ක් යකඩ සඳහා පවතී. ඝන කලාපයන් අතර පවතින මූලික වෙනස්කමක් වනුයේ ඒවායේ පරමාණුක සකස් වී ඇති ආකාරය හෙවත් ස්ඵටික ව්‍යුහයයි. චුම්භක, අණු චුම්භක හා අයශ් චුම්භක කලාපත්, ප්ලාස්මා, කලාපය, බෝස් අයින්ස්ටයින් ඝනීභවිතය සහ ෆර්මියානු සනීභවිතයන් වඩාත් දුලභ හා අසාමාන්‍ය කලාප සඳහා නිදසුන් වේ. බොහෝ කලාපයන් ත්‍රිමාණ පද්ධතීන් හා බැඳී ඇති නමුත් එම කලාපවල ප්‍රතිසමක අවස්ථා ද්විමාන පද්ධති සඳහා යෙදිය හැකි වන අතර, ජීව විද්‍යාත්මක පද්ධති සඳහා මෙම ප්‍රතිසමක වැදගත් වේ.
0 comments:
Post a Comment