About

විද්‍යුත් චුම්බකත්වය



විද්‍යුත් චුම්බකත්වය යනු විද්‍යුත් චුම්බක ක්‍ෂේත්‍ර පිළිබද හදාරන භෞතික විද්‍යාවේ විෂය කොටසයි. විද්‍යුත් චුම්බක ක්‍ෂේත්‍ර මගින් විද්‍යුත් වශයෙන් ආ‍රෝපිත අංශු මත බලයන් ඇති කරයි. එම බලයට ප්‍රධාන ලෙස බලපාන්නේ අදාල වස්තුවේ හැඩය සහ චලනයයි.
චුම්බක ක්‍ෂේත්‍ර වෙනස් කිරීමෙන් විද්‍යුත් ක්‍ෂේත්‍ර හටගත් අතර මෙය විද්‍යුත් චුම්බක ප්‍රේරණය පිළිබද සංකල්පයි. මෙය විද්‍යුත් උත්පාදන යන්ත්‍ර හා විදුලි සහ පරිනාමකවල මුලික පදනමයි. මීට සමානව විද්‍යුත් ක්‍ෂේත්‍රයක් වෙනස් කිරීමෙන් චුම්බක ක්‍ෂේත්‍රයන් උපදවාගත හැක. විද්‍යුත් සහ චුම්භක ක්‍ෂේත්‍රවල මෙම අන්තර සම්බන්ධ නිසා මෙම ක්‍ෂේත්‍ර වර්ග දෙක සංගත කර විද්‍යුත් චුම්බභක ක්‍ෂේත්‍ර ලෙස හදුන්වනු ලබයි.

ඒකක

විද්‍යුත් චුම්භක ඒකක, වන අතර විද්‍යුත් ධාරාවේ චුම්භක ගුණ මත පදනම් වී ඇත.

  • ඇම්පියර් (ධාරාව)
  • කූලෝම් ( ආරෝපණය)
  • ෆැරඩේ(ධාරිතාව)
  • හෙන්රි (ප්‍රේරකතාව )
  • ඕම් (ප්‍රතිරෝධය)
  • වෝල්ට් ( විද්‍යුත් විභවය)
  • වොට් (ක්ෂමතාව)
විද්‍යුත් චුම්භක cgs පද්ධතිවයක විද්‍යුත් ධාරාව යන මූලික රාශිය ඇම්පියර් නියමය ‍මගින් අර්ථ දැක්වේ. මෙය රික්තයක දී අගය එකක්වන මාන රහිත පාරගම්‍යතාවක් (සාපේක්ෂ පාරගම්යතාව) දක්වයි. එනිසා ඇතැම් සමීකරණවල ආලෝකයේ වේගයේ වර්ගය සමහර රාශින් සමග අන්තර් සම්බන්ධයක් දක්වන අතර තවෙකක පැහැදිලිව යෙදේ.

SI විද්‍යුත් චුම්භක ඒකක
සංකේතය[1]රාශියෙහි නමව්‍යුත්පන්න ඒකකඒකකයමූලික ඒකක
Iවිද්‍යුත් ධාරාවඇම්පියරය (SI පදනම් ඒකකය)AA (= W/V = C/s)
Qවිද්‍යුත් ආරෝපණයකූලෝමයCA·s
U, ΔV, ΔφEවිභව අන්තරයවිද්‍යුත්ගාමක බලයවෝල්ටයVkg·m2·s−3·A−1 (= J/C)
RZXවිද්‍යුත් ප්‍රතිරෝධයසම්බාධනයප්‍රතිබාධනයඕම්Ωkg·m2·s−3·A−2 (= V/A)
ρප්‍රතිරෝධකතාවඕම මීටරΩ·mkg·m3·s−3·A−2
Pවිද්‍යුත් ජවයවොට්Wkg·m2·s−3 (= V·A)
Cධාරිතාවෆැරඩ්Fkg−1·m−2·s4·A2 (= C/V)
Eවිද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයමීටරයට වෝල්ට්V/mkg·m·s−3·A−1 (= N/C)
Dවිද්‍යුත් විස්ථාපන ක්ෂේත්‍රයවර්ග මීටරයට කූලෝම්C/m2A·s·m−2
εපාරවේද්‍යතාවමීටරයට ෆැරඩ්F/mkg−1·m−3·s4·A2
χeවිද්‍යුත් ග්‍රාහ්‍යතාව(මාන රහිත)--
GYBවිද්‍යුත් සන්නයනතාවප්‍රවේශ්‍යතාවග්‍රාහනයසීමන්ස්Skg−1·m−2·s3·A2 (= Ω−1)
κγσසන්නායකතාවමීටරයට සීමන්ස්S/mkg−1·m−3·s3·A2
Bචුම්බක ස්‍රාව ඝණත්වය, චුම්බක ප්‍රේරණයටෙස්ලාTkg·s−2·A−1 (= Wb/m2 = N·A−1·m−1)
Φචුම්බක ස්‍රාවයවේබර්Wbkg·m2·s−2·A−1 (= V·s)
Hචුම්බක ක්ෂේත්‍ර ප්‍රබලතාවයමීටරයට ඇම්පියරA/mA·m−1
LMප්‍රේරතාවහෙන්රිHkg·m2·s−2·A−2 (= Wb/A = V·s/A)
μපාරගම්‍යතාවමීටරයට හෙන්රිH/mkg·m·s−2·A−2
χචුම්බක ග්‍රාහ්‍යතාව(මාන රහිතය)--

0 comments:

Post a Comment