About

චලිතය පිළිබඳ නිව්ටන් නියම පිළිබද හැඳින්වීම



නිවුටන් නියම යොදාගත හැක්කේ අංශුමය හෝ අංශුමය ලෙස සැලැකිය හැකි වස්තූන් සම්බන්ධයෙනි.[3] එනම් වස්තුව චලනය වන දුර හා සැලැකීමේදී එහි ප්‍රමාණය සහ විතතිය ඉතාමත් කුඩා වන අතර වස්තුවේ භ්‍රමණය නොසලකා හැරෙයි. එබැවින් තාරකාවක් වටා පරිභ්‍රමණය වල ගුහයෙකු එහි පරිභ්‍රමණ චලිතය පමණක් සැලැකීමෙන් අංශුවක් ලෙස සැලැකිය හැකි ය.

නිව්ටන් නියම එහි මූලික ආකාරයෙන් ගත් කල දෘඪ සහ ප්‍රත්‍යස්ථ වස්තූන්ගේ චලනය පැහැදිලි කිරීමට ප්‍රමාණවත් නොවේ. එබැවින් 1750 දී ලෙනාඩ් ඉයුලර් දෘඪ වස්තූන් සඳහා නිව්ටන් නියමයන්ගේ සාමාන්‍යකරණයක් වූ චලිතය පිළිබඳ ඉයුලර් නියම හඳුන්වා දුන්නේ ය. පසුව එම නියම ප්‍රවාහයක් ලෙස සැලැකිය හැකි ප්‍රත්‍යස්ථ වස්තූන්ගේ චලිතය පැහැදිලි කිරීමට ද යොදා ගැනුනි. යම් වස්තුවක් නිව්ටන් නියම පිලිපදින අසන්තතික අංශූන්ගේ එකතුවක් ලෙස සැලැකූ විට නිව්ටන් නියමයන්ගෙන් ඉයුලර් නියම ව්‍යුත්පන්න කර ගත හැකි ය.
නිව්ටන් නියම සත්‍ය වන්නේ නිව්ටෝනීය අවස්තිථික රාමු ලෙස හැඳින්වෙන විශේෂ පද්ධති තුළ දී පමණි. නිව්ටන්ගේ පළමු නියමයෙන් අවස්තිථික රාමුව අර්ථ දැක්වෙන බවට සමහරු අදහස් කරති. දෙවැනි නීතිය සත්‍ය වන්නේ පළමු නීතියෙන් අර්ථ දැක්වෙන අවස්ථිතික රාමුවක පමණක් බැවින් පළමු නීතිය දෙවැනි නීතියේ විශේෂ අවස්ථාවක් නොවන බව ඔවුහු තව දුරටත් කියති. වෙනත් අයගේ අදහස වන්නේ පළමු නීතිය දෙවැන්නේ ව්‍යුත්පන්නයක් බවයි.[4][5] අවස්ථිතික රාමුව යන සංකල්පය ඇති වූයේ නිව්ටන් මිය ගොස් බොහෝ කලෙකිනි.
චලනය වන වස්තූන්ගේ ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයට ආසන්න වන විට විශේෂ සාපේක්ෂතාවාදයේ නියම සැලැකිල්ලට ගත යුතු ය.

0 comments:

Post a Comment